Everything is a File - ලිනක්ස් ගොනු ආකෘතිය ගැන ඉගෙන ගමු.



සාමාන්‍යයෙන් ඕනෙම Linux පාවිච්චි කරන කෙනෙක්ට බලාගන්න පුළුවන් දෙයක් තමා මේ උඩ තියන රුප සටහනේ වගේ Directories සෙට් එකක්. මේ එක එක Directory එකෙන් මොකද වෙන්නේ, ඒවගේ මොනාද තියෙන්නේ කියලා දැනගෙන ඉන්න එක Linux පාවිච්චි කරන හැමෝටම වැදගත්.




රුප සටහනේ පෙන්නලා තියන විදිහට උඩ ඉදල පල්ලෙහට තියන Directories ගැන පිලිවලට විස්තර තියනවා. මේකේ ඔයාල දන්නේ නැති commands ගැන කියල තියනව. ඒවා ගැන බය වෙන්න එපා.උදාහරණ විදිහටයි කියල තියෙන්නේ. ඒව ගැන දැනගන්න ඕනෙනං ඔයාලට පුළුවන් command එකට අදාල man page එක බලන්න. man pages ගැන දන්නේ නැත්තන් මගේ කලින් පොස්ට් එක බලන්න පහලින්.

1. / – Root

හැම file එකක්, directory එකක්ම පටන් ගන්නේ root directory එකෙන්. ඒ වගේම root directory එකට යන්න පුළුවන් root user ට විතරයි.(root ට යන විදිහ permissions දෙන විදිහ ගැන ඉස්සරහදි කියල දෙන්නන්.)

2. /bin – User Binaries

පොදුවේ ඔක්කොම users ලා පාවිච්චි කරන commands තමා මේකේ තියෙන්නේ. කලින් පොස්ට් එකේ තියනවා common commands ගැන විස්තර.
උදාහරණයක් විදිහට - ps, ls, ping, grep, cp වගේ commands.


3. /sbin – System Binaries

/bin directory එක වගේම /sbin එකෙත් තියෙන්නේ commands හැබැයි මේකේ තියනනේ system maintenance වලට පාවිච්චි කරන commands. මේවා ගොඩක් වෙලාවට system adminstrators ලා තමයි පාවිච්චි කරන්නේ.
උදාහරණයක් විදිහට -  iptables, reboot, fdisk, ifconfig, swapon


4. /etc – Configuration Files

හැම ප්‍රෝග්‍රෑම් එකකටම ඕනේ configuration files තියෙන්නේ මේ directory එක ඇතුලේ.
උදාහරණයක් විදිහට /etc/resolv.conf, /etc/logrotate.conf,etc/teamd.conf

 5. /dev – Device Files

“Everything is a file or a directory” කියන linux concept එක හොදට බලාගන්න පුළුවන් directory තමා මේක. මේ directory එකේ තියෙන්නේ, එක එක devices වලට අදාල files. ඒ කියන්නේ system එකට attach වෙලා තියන devices වලට අදාල files තියෙන්නේ මේකේ.
උදාහරණයක් විදිහට -  /dev/tty1, /dev/usbmon0

6. /proc – Process Information

මේක වැදගත් directory එකක්. අනිත් ඒවා වැදගත් නෑ කියනවා නෙමෙයි ඈ. මේකේ තමා අපි run කරන processes වල details තියෙන්නේ, ඒ වගේම system memory, devices mounted, hardware configuration වගේ system information තියාගන්නේ මේ directory එකේ.


7. /var – Variable Files

වෙනස් වෙන්න පුළුවන් data තියන files තමා මේ directory එකේ තියෙන්නේ.
උදාහරණයක් විදිහට -  system log files (/var/log), packages සහ database files (/var/lib)emails (/var/mail)print queues (/var/spool)lock files (/var/lock) 

8. /tmp – Temporary Files

system එකෙනුයි  users ලයි තාවකාලිකව හදාගන්න files තමා මේ directory එකේ තියෙන්නේ. System එක reboot කරහම මේ files delete වෙනවා.

9. /usr – User Programs

Library files, Documentations එතකොට Source-code වගේ files තමා මේ directory එක ඇතුලේ තියෙන්නේ.
උදාහරණයක්
 විදිහට -  /usr/local/apache2, sshd, useradd, userdel, cc, less, scp
 


10. /home – Home Directories

System users ලගේ  personal files තියාගන්න තියන directory එක තම /home directory එක.උදාහරණයක් විදිහට -/home/saman, /home/kamal


11. /boot – Boot Loader Files

System එක boot වෙන්න අදාල වෙන files තියන directory එක විදිහට මේක හදුන්වන්න පුළුවන්.
උදාහරණයක් විදිහට - /boot/grub2, /boot/vmlinuz-3.10.0-327.el7.x86_64

 12. /lib – System Libraries

/bin සහ /sbin directories වලට support කරන libraries තියෙන්නේ මේ directory එක ඇතුලේ.


 13. /opt – Optional add-on Applications

System එක run වෙන්න අවශ්‍ය නැති එහෙමත් නැත්තන් user install කරන optional softwares හරි packages හරි තියාගන්නේ /opt directory එකේ.

 14. /mnt – Mount Directory

මේක Temporary mount directory එකක්. ඒ කියන්නේ තාවකාලිකව filesystem එකක් mount කරගන්න directory එක තමයි /mnt කියන්නේ. mount කරනවා කියන්නේ මොකක්හරි filesystem එකක් system එකට available කරනවා කියන එක.(දැනට ඒ ඇති mount ගැන. :))

 15. /media – Removable Media Devices

මේක තමයි removable devices වලට තියන Temporary mount directory එක
උදාහරණයක් විදිහට  - /media/cdrom , /media/floppy, /media/cdrecorder 


 16. /srv – Service Data

srv කියන්නේ service කියන එකට. මේකේ තියෙන්නේ system එකෙන් දෙන services වලට අදාල data.

එහෙනං ඊලග ලිනක්ස් Guide එකෙන් හම්බෙමු. 

ඊලග පොස්ට් එකෙන් මං කරන්නේ කට්ටියම හරි ආස වැඩක්. :D  මුරපදය නැත්තන් සිංහලෙන් කිව්වොත් Password එක දන්නේ නැති ලිනක්ස් machine එකකට, ලොග් වෙන විදිහ. ආසයිනේ? එහෙනං ඊලග එකෙන් සෙට් වෙමු.







1 comment: