රතු හිස්වැස්ම නොහොත් Red Hat Linux - Common Commands




 RHCSA එහෙමත් නැත්තන් Red Hat Certified System Administrator කරන හරි, කරන්න බලාපොරොත්තුවෙන් හරි ඉන්න සැට් එකක් ඉන්නවනං පොඩි help එකක් වෙයි මම අලුතෙන් පටන් ගන්න මේ ටියුටෝරියල් සැට් එක.Disk partitioning, Managing logical volumes, network එක configure කරගන්න විදිහ, root password සෙට් කරන විදිහ, Processes and services,Job scheduling මේ වගේ ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.




මාස ගානකින් පොස්ට් එකක් දාන්න බැරි උනා තමයි ඉතිං , ඉවසන් හිටියට පින් ඈ .... ;)
පලවෙනි ටියුටෝරියල් එකෙන් අපි බලමු, linux වල පාවිච්චි වෙන common commands ටිකක් ගැන,

අවශ්‍ය දේ..
  1.  1.RHEL7 එහෙමත් නැත්තන් Red Hat Enterprise Linux 7 වලින් මේ ටියුටෝරියල් එක කරන නිසා  CENTOS 7  වගේ ඉන්ස්ටෝල් කරගත්තානන් වැඩේ ලේසියි.(Red Hat ගන්න සල්ලි නෑනේ :( )
  2.  2.Dual Boot කරන්න බැරිනං , VMware,Virtual box වගේ ටූල් එකකින් දාල තියන Operating System එක ඇතුලෙ run කරත් අවුලක් නෑ..

වැඩේට බහිමු...

  • pwd -print working directory
    අපි වැඩකරන directory එක එහෙමත් නැත්තන් දැන් අපි ඉන්න directory එකේ path එක බලාගන්න පුළුවන් මේ command එක පාවිච්චි කරලා.


  • ls - list directory contents
    ඕනේම directory එකක් ඇතුලේ තියන files/directories එහෙමත් නැත්තන් directory එකක content එක බලාගන්න මේ command එක පාවිච්චි කරන්න පුළුවන්.

"ls -a" option එක පාවිච්චි කරලා hidden files ඇතුළුව සම්පුර්ණ content එක බලාගන්න පුළුවන්.("." වලින් පටන් ගන්නේ hidden files)



"ls -l" option එක පාවිච්චි කරලා long list type එකට content එක බලාගන්න පුළුවන්.





  • ll - long list contents
    ls -l command එකට සමානයි.directory එකක content එක details එක්ක බලාගන්න පුළුවන්.details කිව්වම files/directories වල ownership එක, ඒවගේ permissions මොනාද,අරව මේවා ඔක්කොම.(ඒවා ගැන ඉස්සරහ ටියුටෝරියල් වලින් කියල දෙන්නන්.)



  • cd - change directory
    දැන් අපි ඉන්න directory එකෙන් වෙන directory එකක් ඇතුලට යන්න හරි එලියට යන්න හරි මේ command එක පාවිච්චි කරනවා.
    Documents directory එක ඇතුලට යන විදිහත්, එලියට එන විදිහත් උදාහරණයක් විදිහට පහතින් බලාගන්න පුළුවන්.





  • touch - create files
    අලුතෙන් files හදාගන්න මේ command එක පාවිච්චි කරනවා.
    "myfile" නමින් file එකක් create කරගන්න විදිහ පහලින් පෙන්නලා තියනවා.ඕනෙම නමකින් files හදාගන්න පුළුවන්.



  • mkdir - create diretories
    අලුතෙන් directory එකක් හදාගන්න මේ command එක පාවිච්චි කරනවා.
    "Documents" ඇතුලේ "Mydocuments"  නමින් directory එකක් හදාගන්නේ පහලින් පෙන්නලා තියන විදිහට.



  • cp - copy files/directories
    තව තැනකට files/directories copy කරන්න තමා cp command එක පාවිච්චි කරන්නේ.
    ඉස්සල්ල හදාගත්ත "myfile" file එක අපි හදාගත්ත "Mydocuments" directory එක ඇතුලට copy කරගන්නේ පහත පෙන්නලා තියන විදිහට.



  • mv - move files/directories
    එක තැනකින් තව තැනකට files/directories ගෙනියන්න ඕනෙ උනාම වගේම files/directories rename කරන්න ඕනෙ උනාමත් මේ command එක පාවිච්චි කරන්න පුළුවන්.(cp command එකෙනුත් rename කරන්න පුළුවන්)
    "myfile" එකම "Mydocuments" ඇතුලට "Renamed_myfile" කියල rename කරලා move කරන්නේ පහත විදිහට.



  • rmdir - remove empty directories
    empty directories එහෙමත් නැත්තන් ඇතුලේ contents නැති directory එකක් delete කරන්න මේ command එක පාවිච්චි කරනවා.
    "testdir" කියන empty directory එක delete කරන්න "rmdir" command එක පාවිච්චි කරන විදිහ පහලින් පෙන්නලා තියනව.



  • rm - remove files/directories
    files/directories delete කරන්න ඕනෙ උනහම මේ command එක පාවිච්චි කරනවා.(directory empty වෙන්න ඕනෙ නෑ.)
    "rm -r" recursively delete කරපුවම සම්පුර්නෙන් delete වෙලා යනවා. "rm -rf" forcefully delete කරන්න පාවිච්චි කරන්න පුළුවන්.



  • cat - display file content
    file එකක content එක එහෙමත් නැත්තන් file එකේ තියෙන්නේ මොනාද කියල terminal එකේම display කරන්න මේ command එක පාවිච්චි කරනවා.
    "podi_talks" කියන file එක read කරන්න "cat" command එක පාවිච්චි කරන්නේ පහල විදිහට.



  • date - display date and time
    දිනය සහ වෙලාව දැන ගැනීම සදහා මේ command එක පාවිච්චි කරනවා.
    දවස, මාසය, සියවස, වේලාව මේ වගේ දේවල් වෙන වෙනම දැනගන්න පහල විදිහට command පාවිච්චි කරන්න පුළුවන්. 



  • clear - clear display
    terminal එකේ දැනට display වෙන commands,අනිත් details clear කරන්න මේ command එක පාවිච්චි කරනවා.

දැන් තියන ලොකුම ප්‍රශ්නේ මේ ඔක්කොම මතක තියාගන්න ඕනෙද කියන එකනේ???


ඕනෙ නෑ...ඒ ඇයි කිව්වොත් ඒ ඔක්කොම අපිට terminal එකෙන්ම හොයාගන්න පුළුවන්..

  • man - manual pages
    linux වලින් හැම command එකකටම man page එකක් එහෙමත් නැත්තන් manual page එකක් දීල තියනවා.
    උදාහරණ විදිහට,
    man date
    man cp
    man mv


    සැ.යු. :- man page එකෙන් අයින් වෙන්න  "q" අකුර පාවිච්චි කරන්න.උඩට පල්ලෙහට යන්න arrow keys පාවිච්චි කරන්න පුළුවන්. man pages වල controls ගැන danaganna "man man" page එක බලන්න පුළුවන්.

  • --help
    man pages වගේම හැම command එකකටම help එකකුත් තියනවා,command එක අන්තිමට --help පාවිච්චි කරලා ඒ command එකේ help එක බලාගන්න පුළුවන්.
    උදාහරණ විදිහට,
    ls --help
    cat --help
    rm ---help

හැම command එකක්ම හැම option එකක්ම වෙන වෙනම කියන්න අමාරුයි.Basic idea එකක් ගන්න මේක උදව් උනානං මගේ වැඩේ හරි.commands එහෙට මෙහෙට කරලා manual pages බලලා වැඩ කරන්න පුරුදු උනානන් වැඩේ ගොඩ.මොනා හරි අවුලක් තියනවනං fb page එකට හරි මේකට හරි comment එකක් දාන්න.
ඊලග ටියුටෝරියල් එකෙන් linux folder structure එක ගැන බලමු. එහෙනං පොඩි කොමෙන්ටුවක් දාලා යන්න මතක් කරලා.....





0 comments: