RHCSA එහෙමත් නැත්තන් Red Hat Certified System Administrator කරන හරි, කරන්න බලාපොරොත්තුවෙන් හරි ඉන්න සැට් එකක් ඉන්නවනං පොඩි help එකක් වෙයි මම අලුතෙන් පටන් ගන්න මේ ටියුටෝරියල් සැට් එක.Disk partitioning, Managing logical volumes, network එක configure කරගන්න විදිහ, root password සෙට් කරන විදිහ, Processes and services,Job scheduling මේ වගේ ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
Showing posts with label technical. Show all posts
This blog post is about making sublime text to debug PHP. To do this we need Xdebug ,PHP extension to work together with Sublime Text. I think this is something cool because most of you work with sublime text as it is a simple and a professional text editor,but if you are a PHP guy you may have to leave it because of not providing debug capabilities.So let's insert debugging in to sublime.
Step 1 - Installing Xdebug and making it work
- > Create PHP file with the <?php phpinfo(); ?> code in it and save it in the root directory of your web server.In my case I use XAMPP,so I will save it in C:\xampp\htdocs\xampp\anything.php.
- > Then load that page from your browser http://localhost/xampp/anything.php and press Ctrl+A(Select the whole content) and Ctrl+C(Copy content).
- > Go to Xdebug Download and select custom installation instructions under releases and paste it in the text box and click "Analyse my phpinfo() output ".
- > If "Xdebug Installed" field in summary says "Only as php extension" if you have already installed Xdebug. If it says "No" then follow the instructions and install it.
- > After installing,you can confirm it by running phpinfo().You will see that "with Xdebug v2.40 XXXXXXXXXX"
Step 2 - Install sublime text plugin
In Sublime text, go to Preferences -> Package Control and then type "Install Package". When the repositories are loaded, type in "Xdebug" and choose "Xdebug Client".
After installing you will be able to set breakpoints in your code by Right click document -> Xdebug -> Add/Remove breakpoints.
Although Xdebug is installed, it is not configured properly.So we need to do some changes in "php.ini" file of the web server.
Although Xdebug is installed, it is not configured properly.So we need to do some changes in "php.ini" file of the web server.
Step 3 - Configure Xdebug
- >Go to xampp -> php ->php.ini
- >Scroll to the bottom,there you will find the Xdebug section.If not create it as follows.
- >Only uncomment/add following lines. (Leave the "zend_extention", as it depends on your installation and it was given in step 1)
[XDebug]
zend_extension = C:\xampp\php\ext\php_xdebug-2.4.0rc2-5.5-vc11.dll
xdebug.remote_enable = 1
xdebug.remote_handler = "dbgp"
xdebug.remote_host = "127.0.0.1"
Step 4 - Install Xdebug helper addon in your browser
Sublime text knows when to listen to browser when a certain cookie is set. For sublime this cookie is "XDEBUG_SESSION =sublime.xdebug".
We have to set this cookie manually unless we use a helper addon in our browser.In my case I use chrome,and the addon can be downloaded from the following link,so we can disable and enable debugging whenever we want.
Download Xdebug Helper Here
After installed, go to your Chrome Preferences -> Extensions -> Xdebug Helper -> Options and configure the addon as follows.
Step 5 - How to Debug
- >Set a Breakpoint/Breakpoints in the php code.(Break point must be on a line of php code)
- >Then go to Tools -> Xdebug -> Start Debugging.
- >Then sublime text layout will change like in the following image
- >Open your browser and load the php page/project.You will note a "Bug" icon in right hand corner of the url bar.
- >Click on it and make it "Debug".
- >To move to the other breakpoint or to run the program , right click on the document -> Xdebug ->Run.
We are done.. It's debugging time..Try it! Comment if you need more or less..
Sanjaya
0 Comments
අපි ගාව තියෙන්නේ ඉතින් පොඩි පොඩි 4න් තමා.ඒ උනාට ලොලිපොප් දාන්න බැරිතරන් පොඩි නෑනේ..windows 4න් වලයි android වලයි තියන ලොකු වෙනසක් තමා ඕක,windows හැම os update එකක්ම හැම පොඩි 4න් එකකටම එවද්දී android, os updates එවන එක ටික කාලෙකින් අතඇරලා අලුතෙන් එන 4න් වලට ඒ os එක දාල එවනවා.අපිව අතඇරලා දන්වා වගේ වැඩක්නේ.
ඔන්න ඔය වෙලාවට තමයි හැමදේම දමල ගහලා යන්න හිතෙන්නේ අප්පා.. :D :v.
එහෙම හිතෙන එක නවත්තන්න තමා cynogenmod එක තියෙන්නේ.ආයේ ඉතින් android වලින් මාරු වෙන්න හිතෙන්නේ නෑ මේක දාගත්තම.ඒ තරන් පට්ට ඈ...හැම පොඩි දෙයක්ම customize කරන්න පුළුවන් එක තමා මේකෙ තියන හොඳම feature එක.කිය කිය ඉන්නේ නැතුව cynogenmod 12 (lolipop) දාගමු xperia v LT25i model එකට.(අනිත් ඒවටත් දාගන්නේ මේ විදිහටම තමයි.හැබැයි මන් download කරන්න දීල තියන tools එහෙම වෙනස් වෙනවා.තමන්ගේ 4න් එකට හරියන tools ටික හොයාගෙන මේ steps ටිකම follow කරානන් හරි.(y))
ඉස්සල්ලම මේ යට තියන සෙට් එක download කරගන්න ඕනෙ..
custom firmware එක බාගන්න (324MB) - Cynogenmod 12
Google apps package එක බාගන්න.(86.7MB) - Google Apps
පටන් ගන්න කලින්..
>bootloader එක unlock කරලා තියෙන්න ඕනෙ(අනිවාරෙන්ම).එහෙම නැත්තන් මෙතෙන්ට යන්න...
>4න් එකේ බැටරිය 80% වත් තියෙන්න ඕනෙ..
>මේ පොස්ට් එක xperia v සඳහා (steps එක වගේම තමා,හැබැයි download කරන්න ඕනෙ S/W ටිකක් වෙනස්.)
>හරියටම steps ටික follow කරන්න.වෙන tutorials , videos එක්ක කවලන් කරගත්තොත් වැඩේ චොර වෙනවා.4න් එකට කෙලවගන්නේ නැතුව වැඩේ කරගන්න.වගකියනු නොලැබේ... :D
දැන් නිකන් බය හිතෙනවා නේ?මගේ 4න් එකට මන් ගහල තියෙන්නේ.screenshots ටිකක් දාන්නන් බය ඇරිලා යන්නත් එක්ක.බලලම වැඩේ පටන් ගමු.
Step 1.
>download කරගත්ත flashtool එක machine එකට install කරගන්න.
>එත් එක්කම download කරගත්ත custom firmware zip එකයි,gapps zip file එකයි 4න් එකේ SD card එකට copy කරගන්න.(SD card එක 4න් එකට ගහන්න එපා කියනකන්.ඔය දෙක copy කරලා පැත්තකින් තියන්න.)
>machine එකේ කොහේ හරි තැනකට custom firmware extract කරගන්න.
>දැන් Select kernel to flash කියන එක click කරලා.
>අර extract කරපු custom firmware එකේ folder එක ඇතුලට ගිහින් .img extension එක තෝරලා boot.img කියන Disc image file එක තෝරලා open කරන්න.
>select කරපු ගමන් වැඩේ හරි.flashtool එකේ වැටෙයි finished :total time 1.xxx seconds කියලා.(errors අවොත් අවුල්.)දැන් flashtool එක close කරලා 4න් එකත් කේබල් එකෙන් ගලවගන්න.
>එත් එක්කම download කරගත්ත custom firmware zip එකයි,gapps zip file එකයි 4න් එකේ SD card එකට copy කරගන්න.(SD card එක 4න් එකට ගහන්න එපා කියනකන්.ඔය දෙක copy කරලා පැත්තකින් තියන්න.)
>machine එකේ කොහේ හරි තැනකට custom firmware extract කරගන්න.
Step 2.
>දැන් flashtool එක open කරන්න.(os එක 64bit නන් Flashtool 64 කියන එක open කරන්න.නැත්තන් අනිත් එක)
Step 3.
>දැන් 4න් එකේ vloume up එක අල්ලගෙන datacable එක machine එකට ගහන්න.එතකොට notification bulb එක නිල් පාට වෙනවා.එතකොට volume up එක අත අරින්න.දැන් 4න් එක fastboot mode එකේ තියෙන්නේ.(4න් එක ගලවනකන් නිල් පාට bulb එක පත්තුවෙලා තියෙන්නේ ඕනෙ.)
>එත් එක්කම flashtool එකේ වැටෙයි device connected ඉන් fastboot mode කියලා.
Step 4.
>වම් අත පැත්තේ උඩ තියෙන්නේ අකුණක් වගේ button එකක්.ඒක click කරන්න.
>අර extract කරපු custom firmware එකේ folder එක ඇතුලට ගිහින් .img extension එක තෝරලා boot.img කියන Disc image file එක තෝරලා open කරන්න.
>select කරපු ගමන් වැඩේ හරි.flashtool එකේ වැටෙයි finished :total time 1.xxx seconds කියලා.(errors අවොත් අවුල්.)දැන් flashtool එක close කරලා 4න් එකත් කේබල් එකෙන් ගලවගන්න.
Step 5.
>SD card එක 4න් එකට දාගන්න.
>දැන් 4න් එක on කරන්න.නිකන් නෙමෙයි recovery mode එකෙන්.sony logo එක පේනකොට notification bulb එක දම් පාට වෙයි.එතකොට volume down එක එක පාරක් press කරන්න.දැන් notification bulb එක තැබිලි පාට වෙලා recovery mod එක open වෙයි.
Step 6.
>මොනා කරගන්නත් කලින් backup එකක් දාගන්න එක හොදයිනේ :) (always have a backup ),backup කියන එක touch කරලා ඇතුලට ගිහින් swipe කරාම backup එකක් වෙනවා.
>දැන් wipe එකට ගිහින් advance wipe select කරලා Dalvik cache,System,Cache,Data කියන ඒවා select කරලා wipe කරගන්න.Step 7.
>මුලටම අයෙත් ඇවිත් install කියන එක select කරලා,SD card එකට ගිහින් අර දාපු zip file වලින් custom firmware zip එක install කරගන්න.(flash කරනවා කියල තමා සාමාන්‍යයෙන් කියන්නේ.පොඩි වෙලාවක් යයි.)
>ඊළගට gapps zip එකත් ඒ විදිහටම install නැත්තන් flash කරගන්න.
>අයෙත් මුලට ඇවිත් reboot කියන එකට ගිහින්,poweroff කරලා on කරගන්න 4න් එක.
4න් එක on වෙන්න ටිකක් වෙලා යයි,,පලවෙනි පාර නිසා.ඔක්කොම මුල ඉදන් සෙට් කරන්න වෙනවා.data auto on වෙලා apps ටිකක් සමහරවිට download වෙයි,
වැඩේ හරිනේ??ඔන්න අපි ගියා.පොඩි වැඩේ හොදයි කියලා හිතෙනවනන් නිකන් යන්න එපා.කොමෙන්ට් එකක් දාලම යමල්ලා.. (y) (y)
Sanjaya
0 Comments
සෑහෙන දෙනෙක්ට තියන ප්‍රශ්නයක්නේ එක පාරටම pen එකට මුකුත් copy කරන්නවත් pen එකෙන් අපේ machine එකකටවත් මුකුත් copy කරගන්න බැරි වෙන එක.Delete button එකක් එහෙම හොයන්නත් නැති වෙනවනේ.. :v :v එහෙම වෙලාවට මොකද කරන්නේ?
ඔහොම වෙලා නැත්තන් ඉතින් අපි එහෙම කරලම බලමු නේ?? :D
එහෙනන් මොකක් හරි ඔය තියන pen එකක් අරන් ගහන්නකෝ machine එකට, |8
- windows + R එබුවම run එක open වෙනවා යටින්.
-එකේ regedit කියල type කරලා enter කරාම Registry Editor වින්ඩොව් එක open වෙනවනේ.
-වන් අත පැත්තේ තියනවනේ folders සෙට් එකක්.එකෙන් පහල කියල තියන path එකට navigate කරන්න.
HKEY_LOCAL_MACHINE > SYSTEM > CurrentControlSet > Control
දැන් folder structure එක ඇති මේ වගේ..
-Control එක ඇතුලේ folders ගොඩාක් තියනවනේ??.StorageDevicePolicies කියලා folder එකක් තියනවද කියල බලන්න..
අප්පටසිරි එහෙම එකක් නැද්ද??එහෙනන් එහෙම එකක් හදපන්. :D (සමහර අයගේ එහෙම folder එකක් තියනවා.තියනවනන් හදන්න ඕනෙ නෑ.ඒ අය මේ step එක අත අරින්න.)
-Control එක උඩ right click කරා New > key
-Add වෙන folder එක StorageDevicePolicies කියලා name කරන්න,
-දැන් ඒ folder එක උඩ click කරාම දකුණු ඇත පැත්තේ තියන හිස් ඉඩක right click කරලා New > DWORD(32-bit) Value කියන එක දීලා add වෙන file එක writeprotect කියලා name කරන්න. පහල තියනවා screenshots.
දැන් හරිනේ.ඔන්න දැන් වැඩේ කරමු.close කරන්න එහෙම එපා ඕක(Registry Editor එක)..
-දැන් හදාගත්ත writeprotect කියන file එක double click කරාම පොඩි වින්ඩොව් එකක් එනවා Edit DWORD(32-bit) Value කියලා.
-එකේ Value data කියන field එකට 1 කියලා value එක දෙන්න.(0 නේ තියෙන්නේ,ඒක මකල 1 දෙන්න.)
-දැන් OK කරලා.pen එක safety remove කරන්න.
-ආයේ machine එකට jack කරලා මොකක් හරි copy කරන්න හරි delete කරන්න හරි බලන්න.
දැන් අර කලින් දැකපු නෑ කියපු error එක දකී.. :D :v ..දැන් ඉතින් ඔහොම්මම තමා..pen එකට කෙලෙව්වනේ කියලා බනින්න එපා ඉතින්.පොඩි පොඩි වැරදි වෙනවනේ..
පොඩි වැරැද්ද හදාගන්නත් දැනගන්න එපැයි.එකනේ වැදගත්.පොඩි scene එකක් කරන්න තියෙන්නේ.
-pen එක writeprotect වෙලානන් අපි ඔය හදාගත්ත DWORD එකේ Value data කියන field එකේ value එක 1යි.ඒක මකල 0 කරන්න.(උඩ 1 කරන්න කිව්ව විදිහටම තමා,)
-දැන් pen එක safetyremove කරලා අයෙත් jack කරලා බලන්න.
pen එකක write protect උනාම ඒක හදන්න තියන එකම ක්‍රමේ නෙමෙයි මේක.තව ක්‍රම තියනවා.
වැඩේ හොන්දයිනන් ,මොකක් හරි අවුලක් ගියානන් comment එකක් දාලා යමල්ලා...
Sanjaya
5 Comments
ඔන්න එහෙනන් දඟලන්නේ වද වෙන්නේ නැතුව ඕනේම Xperia කෑල්ලක(ගෑණු සතා නෙමෙයි. :D)Bootloader එක අන්ලොක් කරගන්න පුළුවන්.එත් ඉතින් ඕව කරන්න අපේ කෙල්ලොන්ට කොල්ලොන්ට හරි guide එකක් නැනේ.ඒ හින්ද සෑහෙන දුකක් විදලා වෙලාවත් කාගෙන,නාගෙන තමා වැඩේ ගොඩ දාගන්නේ.මටත් වැඩේ උන නිසා තමයි ඉතින් මෙහෙම එකක් අනිත් උන්ටවත් වදයක් නැතුව කරගන්න පුළුවන් වෙන්න මේක ලියන්න හිතුවේ. :)
දැන් ඉතින් බලනවා ඇතිනේ ඕක මෙව්වා කරා කියලා අපිට මොකද්ද තියන මෙව්වා එක කියලා.
>අපිට පුළුවන් custom rom එකක් හරි kernal එකක් හරි flash කරන්න.
>Xperia කෑල්ල root කරගන්න පුළුවන්.
>ඒ විතරක් නෙමෙයිනේ.ආතල්ම වැඩේ තමා අලුතෙන් එන OS අපේ පොඩි 4න් එකට උනත් දාලා බලන්න පුළුවන්.(පස්සේ එකටත් පොස්ට් එකක් ලියනවා.ඉවසල ඉඳපල්ලා. 8|)
දැන් තව සමහරු කියනවනේ "ඔච්චර වාසි තියනවනන් හැම එකාම එහෙම කරනවනේ කියල."ඉතින් කරපල්ලකෝ.එපා කිව්වද? :v මේකනේ දැන් ඕකේ තියන අවුල.
>අන්ලොක් කරපු හැටියේ වොරන්ටියට කෙල වෙනවා.(වොරන්ටිය ඉවරයිනන් ඉතින් අවුලක් නෑනේ )
>සමහර වෙලාවට අපි ගහන OS එකේ bugs තියෙන්න පුළුවන්.චුටි චුටි අවුල් තියනවා.(ඒවා update කරනවා.කිසි අවුලක් නෑ.)
>අනික ඉතින් memory එක සම්පූර්නෙන්ම clean වෙනවා.(අලුතෙන් ගෙනවා වගේ තමා)
කථා ඇතිනේ දැන්වත් කටවහන් වැඩේ පටන් ගනින්කෝ.. :D :D
###ඔන්න පටන් ගන්න කලින් කිව්වා,warranty එක නැති වෙනවා.වැඩේ චොර කරගත්තොත් වග කියන්නේ නෑ..###
1 පියවර..
පහල ලින්ක් එකට ගියහම....
ලෝඩ් වෙන පේජ් එකේ පහලටම scroll කරහම තියනව dropdown එකක්.එකෙන් තමන්ගේ 4න් එක තෝරන්න.....තේරුවම පහල තියන විදිහට පෙන්නයි කෝඩ් එකක්.ඒ කෝඩ් එක ඩයල් පෑඩ් එකේ ගහන්න.
ගැහුව ගමන් මෙනු එකක් popup වෙයි.එකේ
Service Info -> Configuration වලට ගියහම Rooting Status කියල එකක් ඇති යටම.අන්න එක Yes කියල තියනවනන් වැඩේ ගොඩ.ඒ කියන්නේ bootloader එක unlock කරන්න පුළුවන් කියන එක.හැබැයි No කියල තිබ්බොත් unlock කරන්න බෑ.(දුක තමා :( හැබැයි මන් තාම එහෙම 4න් එකක් දැකලනන් නෑ. :))දැන් Continue කරන්න.
2 පියවර..
email එක enter කරලා යට checkbox ත් check කරලා submit කරහම,ඔයාලට email එකක් එනවා.ඒ email එකේ තියන click to proceed කියන ලින්ක් එක click කරන්න.
3 පියවර...
දැන් එන 4න් එකේ IMEI number එක ඕනෙ.දන්නේ නැත්තන්,ඩයල් පෑඩ් එකට ගිහින් *#06# කියල ගැහුවම IMEI එක පෙන්නනවා.ඒක දාල checkbox දෙකම check කරලා submit කරන්න.
4 පියවර...
මේ page එක close කරන්න එපා.Browser එකේ tab එක තියාගන්න.
![]() |
| DIG.1 |
දැන් ඔය උඩ තියනවා වගේ එකක් තියනවනේ??? :D ඉස්සලම Android SDK කියන ලින්ක් එකට ගිහින් SDK එක පහල විදිහට බාගන්න ඕනෙ.
![]() |
| DIG.2 |
රතුපාටින් පෙන්නලා තියන ලින්ක් වලට ගිහින් ඔයාලගේ Operating System එකේ හැටියට ඕනේ SDK එක බාගන්න.(මගේ Windows හින්ද windows zip file එක තමා මන් බාගත්තේ.)
හරි.දැන් DIG.1 එකේ තියන දෙවනි ලින්ක් එක Fastboot Driver කියන එක click කරහම 2KB file එකක් තියනවා.එකත් බාගන්න.
5 පියවර...
බාගත්ත SDK එක කොහෙහරි තැනකට Extract කරගන්න.ඊට පස්සේ ඒ folder එක ඇතුලට ගිහින් SDK manager එක open කරගන්න.එකේ යටටම ගිහින් බලන්න Google USB Driver කියන එක Installed කියල වැටිලා තියනවද කියල.එහෙම නැත්තන් එක check කරල install package කියන එක click කරන්න.(අනිත් check වෙලා තියන ඒවා ඔක්කොම uncheck කරන්න.නැත්තන් පැයක් විතර යයි. :D)
6 පියවර...
දැන්,
android-sdk-windows -> extras -> google -> usb_driver පාත් එකට navigate කරලා අර අපි බාගත්ත 2KB fastboot Driver එක එතෙන්ට copy කරල තියන file එක Replace කරන්න.එත් එක්කම 4න් එකේ USB debugging on කරන්න ඕනෙ.Settings >Developer Options > USB debugging කියන එක check කරන්න.සමහර 4න් වල
Developer Options hidden වෙලා තියෙන්නේ.එහෙම උනොත්,
Settings > About Phone >Build Version කියල යටම තියන එක එක දිගට tap කරන්න.එතකොට වැටෙයි "You are a developer now" කියල.දැන් Settings >Developer Options යන්න.
ඔන්න දැන් අර Browser page එකේ A part එක ඉවරයි.දැන් B part එක.(අමාරු කොටස. :D)
7 පියවර...
දැන් තමා ගේම පටන් ගන්නේ ඔඔන් ඈ ....
>ඉස්සල්ලම 4න් එක off කරල තත්පර 15ක් විතර තියන්න.
>දැන් 4න් එකේ volume up button එක අල්ලගෙන,data cable එක machine එකට jack කරන්න.(volume up එක Xperia v එකට විතරයි.අනිත් ඒවට use කරන key එක අර browser tab එකේ B part එකේ 3 කොටසේ කියල තියනව.ගොඩක් ඒවාට volume up තමයි ඉතින්. :D )
>එතකොට 4න් එකේ notification bulb එක නිල් පාට වෙයි.එටකොට volume up එක අත අරින්න.(ගොඩක් 4න් වල නිල් පාට තමා වෙන්නේ.)ඒ කියන්නේ දැන් 4න් එක fastboot mode එකේ තියෙන්නේ.
දැන් ඉතින් 4න් එක බදාගෙන ඉන්නේ නැතුව පැත්තකින් තියපන්.ඕක පුපුරයි. :D :V
> අර extract කරගත්ත folder එකේ android-sdk-windows > platform-tools folder එක ඇතුලට ගිහින්,shift key එක ඔබගෙන,folder එක ඇතුලේ හිස් තැනක් right click කරල එන menu එකෙන්,
"open command window here" කියන එක දීල CMD එකක් open කරගන්න.
>දැන් අර browser tab එකේ කලුපාට තීරුවේ දීල තියන command එක(B part එකේ 5 command එක) copy කරල අපේ CMD එකේ paste කරල enter කරන්න.(Errors අවේ නැත්තන් හරි.)
>දෙවනි කළු තීරුවේ තියන command එකත් දැන් copy කරලා paste කරල enter කරන්න.
Errors අවේ නැනේ???එහෙනන් ඔන්න වැඩේ ගොඩ.දැන් CMD එක close කරලා 4න් එක ගලවලා on කරහම අලුතෙන් ගෙනවා වගේ තියෙයි....
වැඩේ එලනන් කොමෙන්ට් එකක් දාපල්ලා....අවුලක් තිබ්බොත් අහපන්.කෙලවෙලා යන්නම වැඩේ දෙන්නන්. :D..අපි ගියා...
Sanjaya
0 Comments
Subscribe to:
Posts (Atom)










































පොඩි ලුහුබැඳීමකට..