Showing posts with label droidapps. Show all posts


කට්ටිය ඉතිං සිංහල සිංදුවක් හොයන්න ගියාම නාගන්නවනේ.එහෙම නැත්තන් අර සිංදුව නෑ,මේක නෑ,අරක හොයන්නේ කොහොමද,අර සිංදුවේ නම මොකක්ද ප්‍රශ්න ගොඩයි.ඔන්න ඕවට විසදුමක් විදිහට ලංකාවේ කොල්ලෙක්ගේ එළකිරි වැඩක් තමා මේ..සිංහල සිංදු එකම තැනකින් download කරගන්න,මේ "Sinhala Songs" ඇප් එක හරහා පුළුවන්.දවසින් දවස එන ඕනේම අලුත් සිංහල සිංදුවක් දැන් ඕනෙම ඇන්ඩ්‍රොයිඩ් කෑල්ලකින් බාගන්න පුළුවන්. මිට බස් සිංදු ,ලොරි සිංදු,බූට් සිංදු කියල බේදයක් නෑ.. :D :D

සිංදුව විතරක්ම නෙමෙයි.සිංදුවල,

  • Video
  • Audio
  • Lyrics

ලේසියෙන් බාගන්න පුළුවන්.ඒ වගේම ඇප් එක හරහාම සිංදුව අහන්න,අලුතෙන් එන සිංදු Notification වලින් දැනගන්නත් පුළුවන්.තව විශේෂ දෙයක් තමා මේ ඇප් එකට ඔයාලට උනත් සිංදු add කරන්න පුළුවන්.

  • Latest Video
  • Latest Audio
  • Audio Top 10
  • Video Top 10.

වගේ categories තියන නිසා හොදම සිංදු ලේසියෙන් හොයාගන්න උනත් පුළුවන්.එහෙනන් try එකක් දීල බලන්නකෝ ඇප් එක.පහල ලින්ක් එකෙන් බාගන්න,,


ෆෝන් එකේ කැමරා එකෙන් ෆොටෝ ගන්නවා ඇරෙන්න අපේ වැඩ ඉක්මනින් කරගන්න පුළුවන් විදිහක් ගැන අහල තියනවද?මෙහෙම කිව්වොත්,කොහොමද maths පේපර් එකක(O/L හරි A/L ) තියන ගාණක් කැමරා එකට focus කරහම උත්තරේ එනවනං??නිකන්මත් නෙමෙයි,ගාණ හදන steps ටිකත් එක්කම.අමුතුම ෆිලින්ග් එකක් එනවා නේ? :D අන්න එහෙම දේවල් කරන්න පුළුවන් app එකක් තමා PhotoMath කියන්නේ.හැබැයි O/L හරි A/L හරි කරන  ඩෑල් වලට මේක අහුඋනොත් විනාස වෙන්නත් පුළුවන් ඈ..Try at your own risk. ;)

සෑහෙන කාලෙකින් පොඩි කෙටිල්ලක් දාන්න අවේ.buzy පීපල්නෙ ඉතිං.. :D වැදගත් වෙයි කියලා හිතෙන පොඩි app කෑල්ලක් හම්බුනා.සමහරුන් දන්නවත් ඇති.2015 වල release උන හොදම app වලින් එකක් තමා PhotoMath කියන්නේ.app එක සිම්පල් හැබැයි වෙන වැඩේ ගොඩක් ලොකුයි.android විතරක් නෙමෙයි මේක windows 4න් වලටත් තියන app එකක්.මේකෙන් අනුකලනය,අවකලනය ගණන් උනත් හදාගන්න පුළුවන් වගේම තව develop වෙන app එකක්.
-app එක open කරාම කැමරා එකත් open වෙනවා.
-විසදන්න ඕනෙ ගාණ display එකේ පෙන්නන කොටුවට ඇල්ලුවම උත්තරේ නිකන්ම එනවා.
-ඒ උත්තරේ උඩ tap කරහම එකේ steps ටික බලාගන්න පුළුවන්.

පහල ලින්ක් එකෙන් download කරගන්න පුළුවන්.screenshots ටිකකුත් දාන්නන්.
වැඩේ හොදයි වගේනන් comment එකක් දාන්න අමතක කරන්න එපා..අනිත් අයටත් පේන්න share කරන්න.






Google දාල තියන පට්ට ඇප් එකක් තමා මේ.message type කර කර suggessions එනකන්වත් ,නැත්තන් type කරන්න අමාරුවෙන් හෙමින් හෙමින් type කරන්නවත් ඕනෙ නෑ..අපි සාමාන්‍යයෙන් පොතේ අකුරු ලියනවා වගේ ලියන්න තමා තියෙන්නේ.කිසි අවුලක් නැතුව ලියවෙනවා.

පට්ටම වැඩේ තමා මේකෙන් සිංහල අකුරුත් ලියන්න පුළුවන් එක.languages 82කට මේක support කරනවා.ඒ වගේම තමා emoji icons අදින්න තමා තියෙන්නේ.ඇඳලා add කරගන්න පුළුවන්.

tab වලට තමා පට්ටටම හරියන්නේ.4න් වලටත් අවුලක් නෑ.හැබැයි 4.5inches වත් display එකක් තියනවනන් තමා හොඳ.නැත්තන් ටිකක් විතර අමාරුයි වැඩේ,android 4.0.3 ඉඳල උඩ versions වලට තමයි මේක වැඩ කරන්නේ.

මේ ලින්ක් එකෙන් පුළුවන් බාගන්න.

පහල තියනවා screenshots ටිකක්.දාල බලන්න කලින් ඒ ටික බලලා comment එකක් එහෙම දාල යමු. :D












මාසෙකට සැරයක් එන හොඳ පොඩි ඇප් එකක් ගැන පොස්ට් එකක් ලියන්න කියලා හිතුනා.:) අද මන් කියන්න යන ඇප් එක release උනේ ගිය මාසේ(ජුනි).මේ ජුලි මාසේ උනත් ඇප් එක පට්ට කියලා හිතුන නිසා ඒක ගැන කියන්න හිතුනා. |8 |8

වැඩි විස්තර ඕනෙ නැනේ..මේක දැනට google play store එකේ තියන හොඳම rating තියන ඇප් එකක්.මමත් දැකලා තියන හොඳම contacts manage කරන,පට්ට messenger ඇප් එකක්..දැන් බලනවා ඇති මොකක්ද යකෝ මූ කියන්නේ මෙච්චර messenger ඇප් අපි ලඟ තියෙද්දී කියලා.. :D හරි ඉතින් ඔය ඔක්කොම ඒවා තිබ්බට තැන තැන ඔහේ තියන එකනේ වෙන්නේ,ඕනෙ වෙලේට මෙනු එකෙන් අමාරුවෙන් හොයාගෙන open කරගෙන පොඩි චැටක් දානවා ඔන්න ඔය කියපු අවුල් නැති කරන්න තමා මේ ඇප් එක හදල තියෙන්නේ. |8

ඇප් එකේ නම drupe..පහල ලින්ක් එකෙන් බාගන්න පුළුවන්.. 9.1 MB


පහල තියනවා screenshots වගයක්.බලලම ඇප් එක දාගෙන බලපල්ලකො..කොමෙන්ට් එකකුත් දාමු මොකක් හරි අලුත් දෙයක් හම්බුනනන්.. :D